මගීන් සමඟ එන අමුත්තන්ට අද සිට යළි ගුවන් තොටුපළ විවෘතයි
Friday, 06 March 2020 - 9:39 | Views - 641
ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ගුවන් තොටුපළ අද සිට යළි විවෘත කර තිබෙනවා.
ඒ අනුව ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත ඇතුළු ශාලා වෙත ගුවන් මගියෙකුට එක් අමුත්තෙකු කැදවාගෙන පැමිණිය හැකියි.
ඒ සඳහා රුපියල් 300ක ප්රවේශ පත්රයක් මිලදී ගත යුතු බව ද ගුවන් තොටුපළේ හිරු වාර්තාකරු ප්රකාශ කළා.
පසුගිය ජනවාරි 28 වන දා සිට ගුවන් මගීන් හැර අනෙකුත් පුද්ගලයන්ට ගුවන් තොටුපළ පරිශ්රයට ඇතුළුවීම සීමා කර තිබුණේ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟයි.
Share This Article