ස්වයංක්‍රීය රොබෝ සේවකයන් සැදු පුරාණ ග්‍රීක තාක්ෂණය
Friday, 06 March 2020 - 9:32 | Views - 528
වර්තමානයේ අප භාවිතා කරන දියුණු තාක්ෂණික උපකරණ බිහිවීමේ මූලික අඩිතාලම නිර්මාණය වන්නේ මීට වසර දස දහස් ගණනකට පෙර සිටයි.

උදාහරණයක් වශයෙන් රොබෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය භාවිතය පුරාණ ග්‍රීසිය දක්වා අතීතයට දිවයනවා.

පුරාණ ග්‍රීක තාක්ෂණය විදහා දක්වන එලාම් ඔරලෝසුවක්, ඇනලොග් ගණයට අයත් පරිගණකයක්, ස්වංක්‍රීය හදිසි පිටවීමේ දොරටුවක් සහ ස්වයංක්‍රීය රොබෝ සේවකයෙක් ඇතුළු නිර්මාණ සියයකට අධික සංඛ්‍යාවක තාක්ෂණික භාවිතාව සම්බන්ධයෙන් පැහැදිළි කරන ස්ථිර ප්‍රදර්ශනාගාරයක්  ග්‍රීසියේ  තිබෙනවා.

මිනිසෙකුගේ අනුරුවක් ආකාරයෙන් නිර්මාණය කර ඇති රොබෝවට එක් අතක ඇති වයින් ජෝගුවෙන් අනෙක් අත්ල මත ඇති වීදුරුවට ස්වයංක්‍රීයව වත් කළ හැකිවනවා.

එම රොබෝව දුනු, බර පඩි සහ වායු පීඩනය උපයෝගී කරගෙන ක්‍රියාත්මක වනවා.

Philon නම් මෙම රොබෝ සේවකයාගේ අනුරුවක් ප්‍රදර්ශනයට තබා තිබුණා.

වර්තමානයේ අප භාවිතා කරන සංකීර්ණ තාක්ෂණයේ මූලික අඩිතාලම නිර්මාණය කළේ අතීත ග්‍රීක වැසියන් විසින් බව මෙම ප්‍රදර්ශනයේ අධ්‍යක්ෂකවරයාගේ මතයයි.

ග්‍රීක සමයේ අලෙක්සැන්ඩ්‍රියාහි විසූ ගණිතඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක් වූ හෙරොන් (Heron) විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීය දොරටුවද ප්‍රදර්ශනයේ තවත් ප්‍රධාන අංගයක් වනවා.

පූජනීය ස්ථානයක සවිකොට තිබෙන මෙම ද්වාරය එහි අල්තාරයේ ඇතිවන ගිණි දැවීමකදී ස්වයංක්‍රීයව විවෘත වනලෙස නිම කර තිබෙනවා.

දින දර්ශනයක් සහ නක්ෂත්‍රමය වශයෙන් වැදගත් අවස්ථා පෙන්වන පුරාණ පරිගණකය ගියර සහ අංක මුහුණත් සහිතව නිර්මාණය කර තිබෙනවා.

මීට අමතරව හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ප්ලේටෝ ගේ එලාම් ඔරලෝසුවද මේ ප්‍රදර්ශනයේ ප්‍රධාන තැනක් ගෙන තිබුණා.

වතුර පිරවූ සෙරමික් ජෝගු සහිත ඔරලෝසුව කැමති වේලාවක නාද වන ආකාර‍යෙන් සකස් කර තිබෙනවා.

පොලිබොලොස් නම්වන දිගින් දිගටම ඊතල එල්ල කළ හැකි කැටපෝලය, යුදමය අවස්ථා වල කේතනය කළ පණිවිඩ යවන්නට යොදා ගන්නා ගුප්ත භාෂාවන්, වෛද්‍ය කටයුතු වලදී බෙහෙත් එන්නත් කිරීමටත් සැරව ආදිය ඉවත් කිරීමටත් යොදා ගත් සිරින්ජයන් ආදී අපූර්ව නිර්මාණ ප්‍රදර්ශනයේ කැපී පෙනෙන  පෞරාණික නිර්මාණ වනවා.

ග්‍රීසියේ මධ්‍යම ඇතැන්ස් හි පුරාණ ග්‍රීක තාක්ෂණය පිළිබඳ Kotsanas කෞතුකාගාරයේ මෙම භාණ්ඩ ස්ථිර ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

මව්බිම


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top