විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට ජනපතිගේ අවධානය
Friday, 06 March 2020 - 8:21 | Views - 427
කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළයුතුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.
එය ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා හෝ පවතින රජය වෙනස් වන විට වෙනස් නොවන ක්‍රමයක් විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව ඊයේ (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු බවටයි.
දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළ පොතෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා.
Share This Article