තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට - ඡන්ද රාජකාරියට රාජ්‍ය සේවකයන් ලක්ෂ 02ක්
Friday, 06 March 2020 - 8:11 | Views - 444
මෙවර මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව හිමි වනවා.

එය 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

ඊට අදාළ අයදුම්පත් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

එමෙන්ම, මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ලක්ෂ දෙකක පමණ කාර්ය මණ්ඩලයක් යෙදවීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර, පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ මේ වනවිට ස්වාධීන කණ්ඩායම් 05 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

පසුගිය 04 වැනිදා සිට මෙලෙස ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව ලබාදුන් අතර, ඒ සඳහා ලබන 16 වැනිදා දහවල් 12 දක්වා අවස්ථාව හිමි වනවා.

ඊයේ දිනයේ යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ස්වාධීන කණ්ඩායම් 04 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන්ද එක් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එළැඹෙන මහ මැතිවරණය සඳහා ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ද ඊයේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයට කැඳවා තිබුණා.

එහිදී පසුගියදා සංශෝධනයට ලක්වූ ඒ ඒ දිස්ත්‍රික්කවලට ලබාදී ඇති මන්ත්‍රී ධූර පිළිබඳව මෙන්ම දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම, යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමේදී ඒ ඒ අපේක්ෂකයන් පිළිබඳව අවධානය යොමුකළ යුතු යෝජනාවලියක් සියලුම දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එමඟින් ඔවුන් සඳහන් කරන්නේ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීමේදී ඉතා දූෂිත ලෙසින් සහ සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත වෙමින්, ජනතාවගේ අපේක්ෂාවන් බිඳ දමා, ඔවුන් කළකිරීමට පත්කළ දේශපාලනඥයන් පිළිබඳව නාමයෝජනා ලබාදීමේදී වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top