ගල්මල් ඔයේ පාවෙමින් තිබූ තරුණයෙකුගේ සිරුරක් සොයා ගැනේ
Thursday, 05 March 2020 - 21:12 | Views - 917
වික්ටෝරියා ජලාශයට ජලය සැපයෙන ප්රධාන අතු ගංඟාවක් වන ගල්මල් ඔයේ තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මෙම තරුණයා පසුගිය 03 වනදා සිට අතුරුදන් බවට උඩුදුම්බර පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ තරුණයාගේ මළ සිරුර ගල්මල් ඔයේ තෙල්දෙණිය ප්රදේශයේ පාවෙමින් තිබියදී අද (05) සොයා ගෙන ඇති අතර, මියගිය තරුණයා හුන්නස්ගිරිය ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි අයෙක්.
Share This Article