ලොරි රථයක යතුරුපැදියක් ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Thursday, 05 March 2020 - 18:56 | Views - 1,088
කොළඹ - බදුල්ල ප්රධාන මාර්ගයේ බලංගොඩ, ඇල්ලේපොල ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
යතුරුපැදිය ලොරි රථයේ ගැටීමෙන් අනතුරුව ලොරි රථය වෑන් රථයක ද ගැටී ඇති බව සඳහන්.
අනතුරෙන් මියගොස් ඇත්තේ බලංගොඩ, ඕලුගන්තොට ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අනතුර සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Share This Article