SLT Zero One Awards 2018, 2019 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම යෙදවුම හෝ සේවාව ලෙස hiru tv සම්මානයට පාත්‍ර වෙයි
Thursday, 05 March 2020 - 16:56 | Views - 320
SLT Zero One Awards 2018, 2019 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම යෙදවුම හෝ සේවාව (Best Digital-Enabled Product/Service) ලෙස ප්‍රථම ස්ථානය දිනාගනිමින් hiru tv සම්මානයට පාත්‍ර වුනා.
hiru fm වෙබ් අඩවිය සහ hiru star ජංගම යෙදවුම ද මෙහිදී සම්මාන දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.
ඊයේ රාත්‍රියේ කොළඹදී මෙම සම්මාන උළෙල පැවැත්වුනා.
SLT Zero One Awards සම්මාන උළෙලේ ඉහළම සම්මානවලට පාත්‍රවීමට හිරු මාධ්‍ය ජාලය අඛණ්ඩව සමත් වූ අතර හිරු මාධ්‍ය ජාලය මෙසේ ඉහළට ම ඔසවා තබන, ශ්‍රාවක, ප්‍රේක්ෂක ජනතාවට, අපගේ ආචාරය.
Share This Article