කටුනායක ගුවන් තොටුපොළ හෙට සිට අමුත්තන්ට විවෘත වෙයි
Thursday, 05 March 2020 - 16:52 | Views - 1,247
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යළිත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා හෙට (06) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර ඇත බව වාර්තා වනවා.
ඒ අනුව ගුවන් තොටුපොළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකියි.
මේ සදහා රුපියල් 300ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර එම ප්‍රවේශ පත්‍ර කවුළු ද හෙට ( 06) දින සිට විවෘතව පවතිනවා.
Share This Article