රත්තරන් සහ රියදුරාට ඇප
Thursday, 05 March 2020 - 16:40 | Views - 690
චීන කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු දකුණු පළාත් සභා මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් සහ ඔහුගේ රියදුරා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ගාල්ල අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරණගේ නියෝගයකට අනුවයි.
ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මන්ත්රීවරයා සහ ඔහුගේ රියදුරා අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මහේස්ත්රාත්වරිය නියෝග කළේ එක් අයෙක් රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.
මෙම සිද්ධියට අදාළව පොලීසිය නීතිපති උපදෙස් විමසා තිබූ අතර, නීතිපතිවරයා පසුව ලබා දුන් නියෝග අනුවයි විමර්ශන ක්රියාත්මක කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Share This Article