කොරෝනා පරදවන ඔලිම්පික්
Thursday, 05 March 2020 - 12:34 | Views - 1,156
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට හෝ කල්තැබීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නැති බව එම කමිටු සභාපති තෝමස් බැච් පවසනවා.
පසුගිය බදාදා පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු විධායක රැස්වීමේදී එවන් කිසිඳු සාකච්ඡාවක් සිදු නොකළ බව ඔහු අවධාරණය කරනවා.
කොරෝනා වෛරස් භීතිය හේතුවෙන් මෙවර ඔලිම්පික් තරඟාවලිය අවුරුද්ද අවසානය දක්වා කල් යාහැකි බව ජපාන ඔලිම්පික් කටයුතු අමාත්‍යවරයා පසුගියදා පවසා තිබුණා.
තරඟාවලිය මීට පෙර සැලසුම් කළ ආකාරයටම ජුලි 24 සිට අගෝස්තු 09 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
Share This Article