නව ජල පහසුකම් ලබා ගැනීමේදී මූලික ගෙවීම රුපියල් 2500 දක්වා අඩු කෙරේ
Thursday, 05 March 2020 - 11:18 | Views - 487
නව ජල පහසුකම් ලබා ගැනීමේදී ගෙවිය යුතු රුපියල් අට දහසේ මූලික ගෙවීම, රුපියල් 2500 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.
Share This Article