යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් පාගමනක් -[Photos/ Video]
Thursday, 05 March 2020 - 9:50 | Views - 1,944
යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වැනි සංවසත්සරය නිමිත්තෙන් නුවර , හලාවත, ගාල්ල නගරවල සිට අද පාගමනක් ආරම්භ කළා. "Commando Footslog walk" නමින් මෙය නම් කර තිබෙනවා.

නුවරින් ආරම්භ කරන පාගමන කෑගල්ල දක්වාද, ගනේමුල්ලෙන් ආරම්භ කරන පාගමන නයිනමඩවල දක්වාත්, ගාල්ලෙන් ආරම්භ කරන පාගමන අහුංගල්ල දක්වාත් අද සිට ගමන් ආරම්භ කර තිබෙනවා.

එසේ ආරම්භ කරන පාගමන  07වනදා ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයට පැමිණෙමින් පාගමන අවසන් කරන අතර පෙරවරු 8.00ට රථපෙලපාලියකින් ගනේමුල්ලේ සිට බම්බලපිටියට පැමිණෙන රථපෙලපාලිය දහවල් 01ට බම්බලපිටියෙන් ගෝල්ෆේස් දක්වා ගමන් කරමින් එම කටයුත්ත අවසන් කිරීමට නියමිතය.

වර්ෂ 1981 ආරම්භ කරන ලද මෙම රෙජිමේන්තුවේ සිටි සියලුම කමාන්ඩෝ නිලධාරීන් මේ සඳහා එක්වෙයි.
එහි සුවිශේෂි අවස්ථාව වන්නේ යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව නිර්මාණය කරන ලද  හිටපු කර්නල් සුනිල් ඩී පිරීස්  මහතා සහභාගී වීමයි.

මෙම 40වන සංවත්සරය සඳහා යුධ හමුදාපති ලුතිනල් ජනරාල් (වැඩ බලන ආරක්ෂක ප්‍රධානී) ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවන අතර අනෙක් ආරාධිත අමුත්තා වන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජනරාල් ප්‍රදීප් ද සිල්වායි.








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top