ලකුණක් නැත්නම් දුරකථනයෙන් එන බවට මද්දුමබණ්ඩාරගෙන් ප්‍රකාශයක්
Thursday, 05 March 2020 - 8:34 | Views - 403
එක්සත් ජාතික පක්ෂය සමඟ ලකුණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකිවුවහොත් දුරකථනය ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර, එහිදී පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් සමගි ජන බලවේගය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට තීරණය කෙරුණා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදියි සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මේ බව කියා සිටියේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රි 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 655 දරණ යානයෙනුයි ඔහු මෙලෙස ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ.
Share This Article