කොළඹ තේ අමුතු රසයි නම් දැනුම්දෙන්න - දුරකථන අංකයක්
Thursday, 05 March 2020 - 8:12 | Views - 931
කොළඹ නගරයේ ආපනශාලාවලින් ලබාදෙන තේ වල රසය පිළිබදව ගැටලූ ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස කොළඹ මහනගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකය ජනතාවට දැනුම් දෙනවා.
ඇතැම් ආපනශාලාවල තේ සැදීම සදහා කසළ තේ උපයෝගි කරගන්නා බවට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බවයි එහි වැඩබලන ආහාර පරීක්ෂක එම්.බී.ලාල්කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පසුගියදා ගාලූ මුවදොර ප්‍රදේශයේදි එලෙස කසළ තේ කිලෝග්‍රෑම් 3000ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිසිය අත්අඩංගුවට ගත් අතර එහි හිමිකරු සහ රියදුරා ප්‍රකාශ කර ඇත්තේ මේවා කොළඹ නගරයේ ආපනශාලවලට බෙදාහැරීමට රැගෙන ආ බවයි.
මෙලෙස කසළ තේ උපයෝගී කර ගනිමින් තේ සකස් කරන බවට තොරතුරු ඇත්නම් 0112 67 61 61 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි කොළඹ මහනගර සභාවේ වැඩබලන ආහාර පරීක්ෂක එම්.බී. ලාල්කුමාර සදහන් කළේ.
Share This Article