අවුරුදු 12 දියණියට පහර දුන් පියා රිමාන්ඩ්
Thursday, 05 March 2020 - 7:27 | Views - 674

අවුරුදු 12යි මාස 08ක් වයසැති තම දියණියට පහරදෙමින් කෘරත්වයට පත්කළ දෙදරු පියකු ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා ඉකුත් 29 වැනිදා නියම කළේය.

මිනුවන්ගොඩ, මාබොදල ප්‍රදේශයේ දෙදරු පියකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. 

පහර කෑමට ලක්වූ දැරිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව අධිකරණයේදී සඳහන් විය. 

සැකකරු බීමත්ව නිතර නිතර දැරියන් දෙදෙනාට පහර දෙන බවත් සැකකරුගෙන් බේරීම සඳහා දැරියන් නිවෙස අසල ලඳු කැලෑවේ වැඩි වශයෙන් ජීවත් වන බවට සැකකරුගේ සොහොයුරිය මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනයේදී අනාවරණය වූ බවත් සැකකාර පියා දැරියගේ මව සමඟ එක්වී අරක්කු බොන බවටත් පියා විසින් දියණියන්ට පහර දෙන අවස්ථාවේ මව දරුවන්ව බේරාගැනීමට කිසිදු උත්සාහයක් කර නොමැති බවත් මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top