
මේ දිනවල දිවයිනට බලපා ඇති දැඩි නියං තත්ත්වය කෑගල්ල දිස්ත්‍රික්කයටද ඉතා තදින් බලපා ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම මෙම නියඟයෙන් පීඩාවට පත්ව ඇත.
මෙහිදී දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 79ක පවුල් 4264ක පුද්ගලයන් 16,381 දෙනකු මෙම නියං තත්ත්වය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව ඇති බවද ඒ මහතා පැවසීය. ජනතාව පත්ව සිටින පීඩා තත්ත්වය අවම කිරීම සඳහා දිස්ත්‍රික්කය තුළ පානීය ජලය බෙදාහැරීම සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර මේ සඳහා ජල බවුසර් 17ක් හා ලොරි බවුසර් 03ක්ද සේවයේ යොදවා තිබේ. මේ වන විට පානීය ජලය ලීටර් 90,000කට අධික ප්‍රමාණයක් පසුගිය දින දෙකේදී පමණක් පීඩාවට පත්ව ඇති ජනතාවට බෙදා හැර ඇති අතර ඉදිරි දිනවලදීද අවශ්‍ය ප්‍රමාණයට පානීය ජලය බෙදාදීමට සැලසුම් කර ඇතැයි දිසා ලේකම්වරයා පැවැසීය. මීට අමතරව ජලය එක්රැස් කර ගැනීම සඳහා ලීටර් 1000 හා ලීටර් 2000 ජල ටැංකි 300ක් ප්‍රාදේශීය ලේකම්වරු මඟින් ග්‍රාම නිලධාරීන් වෙත බෙදාදී ඇත.
පවත්නා දැඩි වියළි නියං තත්ත්වය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් රැසක් මේ වන විට වාර්තා වී ඇති බවද මහ ලේකම්වරයා පැවසීය. ඉකුත් 29 වැනිදා වන විට ගිනි ගැනීම් 47ක් වාර්තා වී ඇති බවද ඔහු පවසයි. අලගල්ල රක්ෂිතය හා අරණායක, රහල, පහළ කඩුගන්නාව හෙම්මාතගම වැනි ප්‍රදේශවල විශාල ප්‍රමාණයක් ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර මෙම ගිනි ගැනීම් සියල්ලම පාහේ මිනිසුන් හිතාමතා වෙනත් අරමුණු ඇතිව කළ ඒවා බවට පෙනී ගොස් ඇති බවද මෙම ගිනි ගැනීම් පාලනය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකයේ මෙහෙයවීම යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය
හා මෙහෙයවීම මත යුද හමුදා භට පිරිස්වල සහාය හා ග්‍රාම නිලධාරීන්ගේද සහාය මත විශාල කැප කිරීමක් කරමින් කටයුතු කර ඇති බවද ඉදිරියටත් එම කටයුතු සිදුකරන බවද මහ දිසා ලේකම්වරයා පැවසීය.
මේ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරු මඟින් ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන් එකතු කර ග්‍රාමීය ආපදා කළමනාකරණ ඒකකය හා දිස්ත්‍රික් පරිසර කමිටු සක්‍රිය කර ජනතාව දැනුවත් කර ඇති අතර මෙම විපත්වලින් බේරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් කිරීම් ආරම්භ කර ඇත.
76 Views
103 Views
266 Views
164 Views
134 Views
145 Views
154 Views
145 Views
117 Views
182 Views
133 Views
143 Views
218 Views
246 Views
705 Views
81 Views
81 Views
76 Views
50 Views