මැණික් ව්‍යාපාරික ප්‍රියංග ළමාරක්ෂක අධිකාරියට
Wednesday, 04 March 2020 - 20:29 | Views - 2,217
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන කුඩා දැරියක අපයෝජනයට ලක්වන විඩියෝපටය සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාර අද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.

ඒ, එම අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් නියෝගයට අනුවයි.

කෙසේ වෙතත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගෙන් අප ඊයේ කළ විමසිමේදී ඔහු තහවුරු කළේ ඊයේ මෙම මැණික් ව්‍යාපාරිකයාට එම අධිකාරිය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබුණද ඔහු එහි නොපැමිණි බවයි.

අද සිදු කෙරුණු විමර්ශන සම්බන්ධයෙන් විමසීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සහ එහි පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කිහිපවරක් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.

වයස අවුරුදු 06ක පමණ කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්වන ආකාරය දැක්වෙන සිද්ධියට ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු සම්බන්ධ බවට විවිධ පාර්ශව මීට පෙර චෝදනා කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට විමර්ශණයක් ක්‍රියාත්මක කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top