රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්
Wednesday, 04 March 2020 - 17:11 | Views - 722
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා මේ මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් අද ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 17 දෙනායි.
රත්ගම - රත්න උදාගම ප්රදේශයේ පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසිත් චින්තක යන දෙදෙනා පසුගිය වසරේ ජනවාරි 23 වනදා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවටයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
Share This Article