අජිත් ප්‍රසන්නගේ අධිකරණයට අපහාස කිරීමේ නඩුව දිනපතා විභාගයට
Wednesday, 04 March 2020 - 14:24 | Views - 455
අධිකරණයට අපහාස කළ බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව පවරා ඇති නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ අද නියෝග කළා.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
මෙම සිද්ධියට අදාලව මොහුව පසුගියදා ඇප මත මුදා හැරුණේ දැඩි ඇප කොන්දේසි මතයි.
Share This Article