සජිත් කෘත්යාධිකාරය වර්ජනය කරයි
Wednesday, 04 March 2020 - 12:58 | Views - 580

අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව වර්ජනය කිරීමට හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය තීරණය කර තිබෙනවා.
ඊට සහභාගි නොවන ලෙස දන්වමින් හිටපු විපක්ෂ නායකවරයා ඔහුගේ පාර්ශවය නියෝජනය කරන සියලූ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින්ට කෙටි පණිවුඩයක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඊයේ රාත්‍රිය වනවිට හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන් කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවට සහභාගි වන බව සිය පාර්ශවය වෙත දැනුම් දී තිබුණා.
එම තීරණයයි මෙලෙස විශේෂ හේතුවක් මත බව සදහන් කරමින් අද පෙරවරුව වනවිට වෙනස් කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ රනිල් වික්‍රමසිංහ නාම යෝජනා මණ්ඩලයෙන් ඉවත් වී, හිටපු කතානායක, කරූ ජයසූරියගේ නායකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමයි.
මෙම යෝජනාව පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව දෙකම සාකච්ඡා කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
කෙසේ වෙතත්, ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත දුරකථනය ලකුණ ඇතුළත් ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යොමුකරමින් සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර දැනුම් දුන්නේ මහ මැතිවරණයට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වන බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ යෝජනාවක් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ උද්ගතව ඇති අර්බුදය විසදීම සදහා තමන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි.
ඒ අනුව, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු කතානායක කරූ ජයසූරිය සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.
Share This Article