සැමියා ඝාතනය කරන බවට තර්ජනය කර, 23 හැවිරිදි සුරූපී බිරිඳ පැහැරගත් වෙස්මුහුණු කල්ලියේ ලොක්කා පොලීසියට මාට්ටු වෙයි
Wednesday, 04 March 2020 - 12:36 | Views - 784

සැමියා වෙඩි තබා ඝාතනය කරන බවට ලාබාල සුරූපී බිරිඳ බියපත්කොට, ඇයව නිවසින් පිටතට කැඳවා පැහැරගෙන ගොස් ඇය පැළඳ සිටි රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා ඇය අතරමංකොට පලාගිය බව කියන ‘‘වෙස්මුහුණු කල්ලියේ’’ ප්‍රධානියා කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පො.ප. ශ්රීනික ජයකොඩි මහතා ඇතුළු එහි අපරාධ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කොල්ලය පසුගිය 29 වැනිදා රාත්‍රී සිදුකර ඇති අතර කොල්ලයට ලක්වූ 23 හැවිරිදි සුරූපී කත කොච්චිකඩේ පෝරුතොට මුස්ලිම් ගම්මානයේ පදිංචි එක්දරු මවක්.
මෙම පැහැර ගැනීම සිදුවූ දින රාත්‍රී එම කාන්තාවට දුරකථනය මගින් තර්ජනය කර ඇත්තේ, ඇගේ සැමියා වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
එය වළක්වා ගැනීමට අවශ්‍ය නම් වහා නිවසින් පිටතට පැමිණෙන ලෙස ඇයට තර්ජනය කර තිබෙනවා.
ඇය නිවසින් පිටතට පැමිණි වහාම වෙස් මුහුණු පැළඳි කල්ලියක් විසින් ඇයව වාහනයක දමාගෙන පැහැරගෙන ගොස් ඇති අතර වාහනය තුළදී එම කාන්තාවට අඬම්තේට්ටම් කර, ඇය පැළඳි රන් ආභරණ සියල්ල කොල්ලකා ඇයව අතරමඟ දමා පලාගොස් තිබෙනවා.
ඇයට ලක්වූ ශාරීරික පීඩාවන් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී කොල්ලකෑම සිදුකළ වෙස් මුහණු කල්ලියේ ප්‍රධානියා වන කොච්චිකඩේ පෝරුතොට පදිංචි මොහොමඩ් ෆවුසර් නමැති 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙනවා.
මෙහි සැකකරු මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ප්රීමාල් අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
දිවයින
Share This Article