නැගණිය මියගිය පුවත අසා වැඩිමහල් සොහොයුරියත් මියගිහින්
Wednesday, 04 March 2020 - 12:18 | Views - 1,206
යාපනයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් තම නැගණිය මියගිය පුවත අසා එය දරා ගැනීමට නොහැකි වූ වැඩිමහල් සොහොයුරිය  හෘදයාබාධයකින් ඊයේ  මිය ගොස් තිබේ.

යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් දෙහැවිරිදි ජොර්ජ් වැලින්සන් ජෙගතීස්වරී  නැමති තිදරු මව  කොලුම්පුතුරේ ප්‍රදේශයේදී යතුරු පැදි අනතුරකට ලක්ව මියගොස් තිබේ.

ඇය මියගිය පුවත  ඇසූ සැණින්  මියගිය අයගේ වැඩිමල් සොයුරිය වූ පණස් හත් හැවිරිදි කෙනඩි රාජිනී නැමති අයට හෘදයාබාධයක් වැළදී ඇති අතර ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මියගිය සහෝදරියන්  දෙදෙනා  සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේමසංකර් මහතා නිගමනය කොට ඇත්තේ පලමුවෙන් මියගිය තැනැත්තියගේ මරණය අනතුරක් නිසා ශරීරයේ අභ්‍යන්තර අවයව වලට  හානි වී  අධික ලෙස රුධිරය වහනය වීම නිසා මරණය සිදු වී ඇති බවයි.

දෙවනි කාන්තාවගේ මරණය හෘදයාබාධයක් නිසා සිදු වූ මරණයක් බවටද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිගමනය කොට තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව දෙදෙනාගේම සිරුරු ඥාතීන් වෙත බාර දි තිබේ.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top