මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදන කිහිපයක්
Wednesday, 04 March 2020 - 10:46 | Views - 413
මහ මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම, නාමයෝජනා භාර ගන්නා ස්ථාන සහ තමන්ට ජන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති තැනැත්තන්ට වෙනත් ජන්ද පොළකදී ජන්දය දීම සඳහා පහසුකම් සැලසීමට අදාල ගැසට් නිවේදන මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරු 19 දෙනෙකු තෝරාගන්නා අතර නාමයෝජනා පත්‍රයේ අපේක්ෂකයන් 22 දෙදෙනෙකුගේ නම් ඇතුළත් කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික්කයට  අපේක්ෂකයින් 21 දෙනෙකුගේත්, කළුතර දිස්ත්‍රික්කයට අපේක්ෂකයින් 13 දෙනෙකුගේත්,  මහනුවර දිස්ත්‍රික්කයට අපේක්ෂකයින් 15 දෙනෙකුගේ නම් ඇතුළත් කළ යුතු වනවා.  

මාතලේ, පොළොන්නරුව සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 8 දෙනෙකුගෙන් සමන්විත නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.  

නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 11 දෙනෙකු බැගින්ද, ගාල්ල, බදුල්ල, කෑගල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු බැගින් ද ඉදිරිපත් කළ යුතුයි.

මාතර, හම්බන්තොට, යාපනය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු බැගින්ද වන්නි සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 9 දෙනෙකු බැගින් ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු ද නාමයෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් කළ යුතු අතර රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් එක් අයෙකුට රුපියල් දෙදහස බැගින් ඇප මුදල්තැන්පත් කළ යුතු වනවා.

එමෙන්ම මෙවර මැතිවරණයේදී වෙනත් ජන්දපොළකදී ජන්දය ලබා දීමට අවශ්‍ය පුද්ගලයන්ට ඒ සඳහා ඉල්ලූම් කිරීමට අවස්ථාව පවතින බවද එම කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලින් සහ ග්‍රාම නිලධාරි කාර්යාලවලින් අදාල ඉල්ලූම්පත් ලබාගත හැකි අතර එය දින 7 ක් ඇතුළත සම්පූර්ණ කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top