දක්ෂිණ අධිවේගී මාර්ගයට අලුතින් එක් කළ ලංගම බස් රථ විශේෂ පරීක්ෂාවකට
Wednesday, 04 March 2020 - 10:03 | Views - 653
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස විවෘත කිරීමෙන් පසු අලූතින් ධාවනය කළ සුඛෝපභෝගි බස් රථ සියල්ලම දැඩි පරික්ෂාවකට ලක් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ පසුගියදා එලෙස එක් කළ බස් රථයක් මාතර ප්‍රදේශයේදී ගිනි ගැනීමකට ලක්වීම හේතුවෙන්.
මෙම බස් රථය අම්බලන්තොට සිට ධාවනයට එක් කෙරුණු අතර, තවත් සුඛෝපභෝගි බස් රථ 15 ක් ප්‍රදේශ කිහිපයක සිට කොළඹ දක්වා ධාවනයට එක් කෙරුණා.
Share This Article