අදත් ප්‍රදේශ රැසකට අවදානම් සහිත උණුසුමක් - හැකිතරම් ජලය පානය කරන්නැයි උපදෙස්
Wednesday, 04 March 2020 - 9:19 | Views - 414
මේ දිනවල දිවයිනට බලපා ඇති වියලි කාලගුණයත් සමඟ පවතින අධික උණුසුම නිසා සෞඛ්‍ය ගැටළු රැසක් ඇතිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම තත්ත්වය නිසා කුඩා ළමයින්, වැඩිහිටියන් සහ විවිධ රෝගාබාධ පවතින පුද්ගලයින් වඩාත් ආරක්ෂාකාරී විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම අධික උණුුසුම් කාලගුණය නිසා ඇතිවිය හැකි රෝග පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මේ අතර අද දිනයේත් වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් මෙන්ම මන්නාරම සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවද අවධානයෙන් පසුවිය යුතු බව එහි තවදුරටත් සඳහන්.
Share This Article