අවමංගල්‍ය උත්සවයකට ගිය 32 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි පහරකින් මරුට
Wednesday, 04 March 2020 - 8:53 | Views - 534
මිද්දෙණිය - කාරියමඩිත්ත - දඹේතලාව ප්‍රදේශයේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.
බරපතල තුවාල ලැබූ ඔහු තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය රෝහලට මාරු කර යැවුණු අතර, එහිදී ජිවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී නැවත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
Share This Article