අසරණ රෝගීන් වෙනුවෙන් කැපවුණු, වුහාන් රෝහලේ තවත් වෛද්‍යවරයෙකු, වෛරසයටම ගොදුරු වී අවසන් ගමන් යයි
Wednesday, 04 March 2020 - 8:45 | Views - 520
කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මිය ගොස් තිබෙනවා. ඒ කොරෝනා වෛරසය බහුල වුහාන් ප්‍රාන්තයේ සේවය කරමින් සිටියදී.
57 හැවිරිදි වෛද්‍ය මෙයි සොන්ග්මින්, මීට පෙර එම රෝගයෙන් මියගිය වෛද්‍ය ලී වෙන්ලිඇන් හා එකට වැඩකළ වෛද්‍යවරයෙක්.
"ඔහු සිය කාර්යය බැරුරූම්ව හා වගකීම් සහගතව සිදු කළා. රෝගීන් සමඟ ඉවසිලිවන්තව හා ප්‍රවේශමෙන් ක්‍රියා කළා..." යනුවෙන් වුහාන් රෝහල් වෙබ් අඩවියක සඳහන් කර තිබුණා.
"අපි ඔහුගේ වියෝව ගැන අපේ අවංක ශෝකය ප්‍රකාශ කරනවා..."
මීට පෙර මිය ගිය, වෛද්‍ය ලී වෙන්ලිඇන් ප්‍රචලිත වූයේ ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී කොරෝනා වෛරසයේ භයානකත්වය ගැන ලොවට අනතුරු ඇඟවූ හෙයිනුයි.
මේ අතර, සවුදි අරාබිය, ටියුනීසියාව, මොරොක්කෝව සහ සෙනගාල් වැනි රටවල ද මේ වනවිට කොරෝනා රෝගීන් හමු වී තිබෙනවා.
එසේම ස්විස්ටර්ලන්තයේ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් රෝගී වී ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ.
Share This Article