කුඩා දැරියක් අපයෝජනයට ලක්වන වීඩියෝපටයේ සිටින අපයෝජකයා සොයන්න මෙහෙයුමක් - Video
Wednesday, 04 March 2020 - 7:50 | Views - 1,724
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන කුඩා දැරියක් අපයෝජනයට ලක්වන වීඩියෝපටයේ සිටින අපයෝජකයා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයාගේ සහය ඉල්ලා සිටිනවා.

එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපයෝජකයා කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා වීඩියෝවේ සිටින දැරිය පිළිබද යම් තොරතුරක් වෙතොත් හැකි ඉක්මනින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙසයි.

වයස අවුරුදු 06 ක පමණ කුඩා දැරියක් ලිංගික අපයෝජනයකට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වුණා.
 

මේ පිළිබදව සිදුකර ඇති පැමිණිලි හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාල අපයෝජකයා අත්අඩංගුවට ගැනීම කඩිනම් කිරීම සදහා අන්තර්ජාලය තුළ සංසරණය වූ වීඩියෝපටයේ සිටින දැරියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට ඔවුන් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

දැරියගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඒ සදහා මහජන සහය ඉල්ලා සිටීමට නොහැකි බැවින් එම වීඩියෝවේ සිටින දැරිය පිළිබදව කිසියම් තොරතුරක් දන්නා පුද්ගලයෙක් සිටියි නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 077-7878414 හා 071-8264024 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අදාල දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නියෝජිතයන් පිරිසක් අද ජාතික ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ ලිපියක් භාර දුන්නා.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් සැකකෙරෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අද දින ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සදහා දැනුම් දී තිබුණද ඔහු අද පැමිණියේ නැහැ.

මේ හේතුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 109 (6) වගන්තියේ තමන්ට පැවරී ඇති බලතල අනුව අදාල ව්‍යාපාරිකයාට හෙට දිනයේ එම අධිකාරිය ඉදිරියේ පෙනී සිටින්න ලෙස වන නියෝගයක් ඔහුට නිකුත් කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top