කොරෝනා වැළඳුණු, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ අලුත්ම තත්ත්වය
Wednesday, 04 March 2020 - 7:49 | Views - 978
සැමියාට මෙම වෛරසය ආසාදනය වෙලා නැහැලූ..
ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 2502ක් හමුවෙයි..
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන් 5186ක්..
 
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය සහ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණෙමින් සිටිනවා.
 
ඒ අනුව පසුගිය සතිය තුළ මෙම රටවල් දෙකෙහි සිටි ශ්‍රී ලාංකිකයින් 1800 ක පිරිසක් දිවයිනට පැමිණි බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊයේ දිනයේදී පැමිණි පිරිසගෙන් වැඩි සංඛ්‍යාවක් ඉතාලියේ සිට පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේ.
 
එමෙන්ම මේ වනවිට කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රකාශ කළා.
 
ඇයගේ සැමියාට මෙම වෛරසය ආසාදනය වී නොමැති බවයි එම කොන්සල් කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
 
මේ වනවිට ඉතාලියෙන් කොරෝනා ආසාදනයන් 2502ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 79ක්.
 
මේ අතර දකුණු කොරියාව තුල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරුණද එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් නොමැති බව එරට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ප්‍රකාශ කළා. නිවාඩු ලබාගත හැකි ශ්‍රමිකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පිටත්ව යන බවයි එහි ප්‍රකාශිකාව සඳහන් කළේ.
 
දකුණු කොරියාවෙන් කෙරෝනා ආසාදිතයන් 5186ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 28ක්.
 
එමෙන්ම ඉතාලිය සහ ඉරානයේ සිට ගුවන් මෙන්ම නෞකා මගින් මෙරටට පැමිණෙන සියලූම මගීන් දින 15 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.
 
මේ වනවිට ලොව පුරා කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 92,860ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 3162 දක්වා ඉහල ගොස් තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top