මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මකයි - කොමිසමේ සභාපති මහානාහිමිවරුන් හමුවෙයි
Tuesday, 03 March 2020 - 15:19 | Views - 449
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවීමත් සමඟ රට තුළ අද සිට මැතිවරණ නිතීය ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම කොමිසම් සභාවේ නියෝජිතයින් සමඟ අද පෙරවරුවේ මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවයි.

ඒ අනුව, ප්‍රථමයෙන් ඔවුන් මල්වතු විහාරයට ගොස් එම පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැ දුටුවා.

අනතුරුව, පිරිස අස්ගිරි විහාරය වෙත ගිය අතර, එහිදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නාහිමියන් සහ එම පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැක තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණු අතර, එහි සඳහන් වූයේ මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කරන බවයි.

එසේම, මැතිවරණයේ නාම යෝජනා භාරගැනීම මාර්තු මස 12 වනදා සිට 19 වනදා දක්වා සිදු කෙරෙන බවද ජනාධිපතිවරයා නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන්.

මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින් මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදන 03 ක් අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කලා.

එහි උසස් නිළධාරියෙකු කියා සිටියේ නාමයෝජනා කැඳවීම, ඇප තැන්පත් කිරීම, හා ඒ ඒ දිස්ත්‍රික්ක වලින් තෝරාපත් කර ගැනෙන මන්ත්‍රිවරුන් සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදන මෙන්ම, දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරින් නම් කරමින් නිකුත් කරන ගැසට් නිවේදනය මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරෙන බවයි.

මීට අමතරව, අවතැන් ඡන්ද හිමියන්ට මැතිවරණයට ලියාපදිංචිය සඳහා අවස්ථාව සලසා දෙන ගැසට් නිවේදනය ද අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරෙන අතර, එම ගැසට් නිවේදන තුන මුද්‍රණය කිරිම සඳහා මේ වනවිට මැතිවරණ කොමිසම් සභාව රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.

මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ තම නිල නිවාස යළි භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කැබිනට් නොවන අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ අද සිට මාස 3 ක් ඇතුළත එම නිල නිවාස භාර දෙන ලෙස අදාළ අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top