වව්නියාවේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
Tuesday, 03 March 2020 - 15:07 | Views - 688
වව්නියාවේ - මහරම්බකුලම් ප්රදේශයේ ළිඳක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මීට දින දෙකකට පෙර එම කාන්තාව අතුරුදන්ව ඇති බවට පොලීසිය වෙත දැනුම් දී ඇත්තේ ඇගේ පවුලේ ඥාතියෙකු විසින්.
ඉන් පසු, පොලීසිය කාන්තාව සෙවීමේ මෙහෙයුමක් දියත් කළ අතර, ප්රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුවයි ප්රදේශයේ ලිඳක පාවෙමින් තිබූ මළ සිරුර අද දහවල් සොයා ගෙන ඇත්තේ.
තිදරු මවක් වන මෙම කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සඳහන් කළා.
Share This Article