බාලිකා පාසල්වලට ඇතුළු වීමට තැත් කළ කොළඹ සුපිරි පාසලක ළමයින් 20 ක් පොලිස් භාරයේ
Tuesday, 03 March 2020 - 15:04 | Views - 740
කොළඹ නගරයේ පිහිටි බාලිකා විද්‍යාල දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පාසල් සිසුන් 20 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් පිරිසක්.

ඔවුන් අද උදෑසන සිට කොළඹ නගරයේ විවිධ ස්ථානවල එක්රැස් වී බාලිකා විද්‍යාලවලට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව සඳහන්.

එහිදී කොල්ලුපිටිය සහ කුරුදුවත්ත පොලීසිය එක්ව සිසුන්ව එම ස්ථානවලින් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී බලහත්කාරයෙන් බාලිකා විද්‍යාල දෙකකට ඇතුළුවීම සම්බන්ධයෙනුයි සිසුන් 20 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත්තේ.

ඔවුන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසියේ රඳවාගෙන සිටිනවා.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි හෙවත් බිග් බැච් වලට සමගාමීව පැවැත්වෙන රථ වාහන පෙළපාලි වලදී අදාළ පාසල්වල කීර්ති නාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සිසුන්ට උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීම, තම පාසලේ අන්‍යන්‍යතාවට හා කීර්ති නාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම හා ඉතා අපරික්ෂාකාරී අයුරින් රථ වාහනවල ගමන් කිරීම ඇතුළු ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතු වනවා.

එසේම, මහජනතාවගෙන් මුදල් සිඟා කෑම මෙන්ම මහමඟ ගමන් කරන පුද්ගලයන්ට උසුලු විසුළු කිරීමෙන් ද වළකින ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top