සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද දිස්ත්‍රික් කුසලතා ස්ථාන මෙන්ම සමස්ත දිවයිනේ කුසලතා ස්ථාන ප්‍රකාශයට පත් කිරීමක් සිදුනොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.
2019 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008ක් පෙනී සිටියා.
මේ අතර, මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමේ කාලය ද ලබන 9 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
අයදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.