13 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනය කළ, සිසුන් 7දෙනා හඳුනා ගැනේ
Monday, 02 March 2020 - 20:19 | Views - 3,885
වයස අවුරුදු 13ක පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව පාසල් සිසුන් 7 දෙනෙකු මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සිසුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සිසුන් 7 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

පාසල් සිසුවිය මාස 7ක පමණ කාලයක් පුරා අවස්ථා කිහිපයකදී මෙම සිසුන් විසින් අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

එක් සිසුවෙකු පළමු වරට සිසුවිය අපයෝජනය කර ඇති අතර, පසුව ඇගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයට යොමු කරන බවට බිය ගන්වමින් සිසුවාගේ තවත් යහළුවන් 6 දෙනෙකු විසින් ද සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.

අඩංගුවට ගත් පාසල් සිසුන් 7 දෙනා කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් කිහිපයක සිසුන් බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, මේ වනවිට  දැඩි කතාබහට ලක්ව ඇති සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝපටය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීම සඳහා ඇමරිකාවේ පිහිටි ෆේස්බුක් ආයතනයේ සහය ඉල්ලා සිටීමට ළමාරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.

එසේම මෙහි සිටින අපයෝජකයාගේ හඬ, සැකකරුවන්ගේ හඬ සමඟ සැසදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමටයි තීරණය වී ඇත්තේ.

අධිකරණ නියෝග මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී එය සිදුකෙරෙනු ඇති.

මේ අතර, ගත වූ මාස දෙක තුළ ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 2500ක් පමණ ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය අද අනාවරණ කළා. දිනකට 1929 යන ළමා උපකාර සේවා දුරකථන අංකයට පැමිණිලි 40කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බවයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top