කින්නියා ප්‍රදේශයේ දී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟින් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට
Monday, 02 March 2020 - 18:23 | Views - 440
කින්නියා - කුරයියාඩි ප්‍රදේශයේ නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟින් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ වෝටර් ජෙල් කූරු 30ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 45ක් මෙලෙස ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බවයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා බවටයි සැක පළ කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.
Share This Article