හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, සැකකරුවෙකු ලෙස නම් කරයි
Monday, 02 March 2020 - 15:59 | Views - 484
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සැකකරුවෙකු ලෙස නම් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා.
ඒ අනුව අප්‍රේල් මස 2 වන දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙසයි මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායි නියෝග කළේ.
අදාළ සිතාසි විනිසුරු ගිහාන් පිලපිටිය වෙත භාරදීම කොළඹ අපරාධ කොට්ඨාශය හරහා සිදුකරන ලෙස අධිකරණය දැනුම් දී තිබෙනවා.
Share This Article