සමාජ මාධ්‍ය කැළඹූ, කුඩා දැරියක් අපයෝජනය කරන වීඩියෝවේ හඬ පරීක්ෂාවට
Monday, 02 March 2020 - 14:39 | Views - 737
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇති කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන වීඩියෝපටයේ සිටින අපයෝජකයාගේ හඬ පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනටමත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදුකරන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ කඩිනමින් තම අධිකාරියට දැනුම්දෙන ලෙස ළමාරක්ෂක අධිකාරිය පසුගිය සිකුරාදා ජනතාවට දැනුම් දුන්නා.
දැනට මෙම වීඩියෝ පටය පිළිබඳව නළු නිළියන් කිහිපදෙනෙකුගෙන්ද ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසියද පරීක්ෂණයක් සිදුකරන බවයි ළමාරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදාන පතිරණ කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට නම් කියවෙන පුද්ගලයින්ගෙන් සහ වීඩියෝ පටයේ සිටින පුද්ගලයාගේ හඬ සැසඳීමටද අපේක්ෂා කරන බවයි.
Share This Article