රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදීම අවසන් අදියරයේ
Monday, 02 March 2020 - 13:44 | Views - 3,289
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ අයට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම වැඩසටහන සඳහා රැකියා ඉල්ලුම්පත් 70,000 කට අධික සංඛ්‍යාවක් එවා තිබූ අතර, ඉන් මූලික නිර්ණායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 42,000 ක්.
අද පස්වරුව වනවිට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
පත්වීම් ලැබී දින 3 ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒ පිළිබඳ දැනුම් දිය යුතු අතර, ලිපිය ලැබී දින 7 ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකරන්නේ නම් පත්වීම අවලංගු වනු ඇති.
Share This Article