කොරෝනා නිසා ලුවර් වැසෙයි
Monday, 02 March 2020 - 11:25 | Views - 2,607
ප්‍රංශය තුල නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම නිසා පැරිසියේ ලූවර් කෞතුකාගාරය වසා තැබීමට තීරණය කර තිබේ.

ඉකුත් ඉරිදා දින කෞතුකාගාරය විවෘත නොකිරීමට, එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම පාහේ ඒකමතික තීරණයකට එළඹී බව වෘත්තීය සමිති නියෝජිතයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

“ලුවර් කියන්නේ දිනකට පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින සීමිත ඉඩකඩක් හිමි තැනක්,” යැයි වෘත්තීය සමිති නියෝජිත ක්‍රිස්ටියන් ගලානි පවසා ඇත.

ඒ අනුව, පසුගිය ඉරිදා කෞතුකාගාරය නැරඹීමේ අපේක්ෂාවෙන් පැමිණි පිරිස වර්ෂාව මධ්‍යයේ පෝලිම් ගැසී බලා  සිටි නමුත් කෞතුකාගාරය විවෘත නොකළ බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නව කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම අවම කරගැනීම සඳහා 5000කට වැඩි පිරිසක් රැස්වන සියලු ගෘහස්ත ඒකරාශී වීම් තහනම් කිරීමට ප්‍රංශ රජය පසුගිය සෙනසුරාදා කටයුතු කරන ලදී.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 100 දෙනෙක් මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වී ඇති අතර දෙදෙනෙක් මරණයට පත්වී තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top