"2020 T20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ බංග්ලාදේශය අතර තරඟය කඩුළු 9 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 91රැස්කළා.
පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 16කට කදුළු 4ක් බිඳ හෙළුවා.
මේ අනුව ජයග්‍රාහී ලකුණු 92ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 3ක් තුලදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රහී ඉලක්කය සපුරාගනු ලැබුවා.
තරඟයේ වීරවරිය ශෂිකලා සිරිවර්ධන.
මෙම තරගය ශෂිකලා ගේ අවසාන ජාත්‍යාන්තර ක්‍රිකට් තරගයයි. "
