රුපියලටත් හොර කරන දහසකුත් කොන්දොස්තරවරු අතර ඇත්තටම ඔහු අවංක මහත්මයෙක්
Monday, 02 March 2020 - 10:40 | Views - 551
අපේ රටේ බස් රථ කොන්දොස්තරවරු ගැන මගී ජනතාව හුඟක් චෝදනා කරන්නේ ඉතිරි මුදල් නොදීම සහ නියමිත ටිකට් පතක් ලබානොදීම ගැනයි.

තවත් සමහරු පවසන්නේ ඇතැම් කොන්දොස්තරවරුන්ගේ කතාවිලාසය, මගීන් අපහසුතාවයට පත්කරවන බවයි.

මේ අතර නිට්ටඹුව ගම්පහ බස් රථයක කොන්දොස්තරවරයෙකුගේ ඉවසිලිවන්ත, ආචාරශීලී කතාවිලාසය ගැන සමාජ මාධ්‍යයේ සටහනක් පළවී තිබුණා.
 

එම සටහන පහතින්

මේ ඉන්නෙ නිට්ටඹුව ගම්පහ (සපුගස්තැන්න) හරහා යන CTB බස් එකේ කොන්දොස්තර මහත්තයා... හැමදාම ඔහුගෙ අතේ මාරු කාසි ඕන තරම් තියෙනවා... කවම දාවත් එක රුපියලක් වත් මගියෙක් ගෙන් වැඩිපුර ඔහු ගන්නෙ නැහැ මාරු සල්ලි දෙන්න කියලා ඔහු බනින්නෙ නැහැ ඉතුරු සියල්ල ලබා දෙනවා වගේම අනිවාර්යයෙන් ප්‍රවේශ පත්‍රයක් සෑම මගියකුටම ලබාදෙනවා.. කුඩා දරුවන්ට ඔහු උපකාර කරනවා සල්ලි අඩුවෙනුත් ගන්නවා' ඒ උනාට හරි ප්‍රවේශපත්‍රය අනිවාර්යයෙන් ලබා දෙනවා... රුපියලටත් හොර කරන දහසකුත් කොන්දොස්තර වරු අතර ඇත්තටම ඔහු අවංක මහත්මයෙක් ස්තුති මහත්මයා ඔබ සියලු කොන්දොස්තරවරුන්ට ආදර්ශයක්.
Image may contain: one or more people, people sitting and indoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top