මවුපියන්ට එපා වූ දරුවන් රෝහලේම තබා යන්න ස්ථානයක්
Monday, 02 March 2020 - 10:09 | Views - 593
දෙමව්පියන් විසින් බිලිඳු දරුවන් ප්‍රතික්ෂේප කිරීම සහ ඝාතනයට ලක් කිරීම වළක්වා ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.
එහි මූලික යෝජනාව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව මව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරන දරුවන් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කරන විශේෂ ළදරු ඒකකයක් හරහා රැකබලා ගැනෙනවා.
ඔවුන් නිසි වයසට එළැඹුණු පසු පරිවාස භාරයට පත් කිරීම මෙමඟින් සිදුකරනු ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article