15 හැවිරිදි පාසල් සිසුවියට ලිංගික අතවර කළ පෙම්වතාට අවසානයේ අත් වූ ඉරණම
Monday, 02 March 2020 - 10:04 | Views - 574
15 හැවිරිදි ශිෂ්‍යාවක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වා පසුව ඇය ලිංගික අතවරයට ලක් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් 22 හැවිරිදි පෙම්වතාට දඬුවම් නියම කිරීම සඳහා එම විත්තිකරුගේ ඇඟිලි සලකුණු වාර්තාව කැඳවීමට නියෝග කළ මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විත්තිකරුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තබනු ලැබුවා.
විත්තිකරු ලක්‍ෂ 5 ක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට ද නියෝග කළා.
නීතිඥ මනේෂ් වෑවිට මහතා මඟින් වරද පිළිගත් විත්තිකරු වූයේ මීගමුව තලාදුව කඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්.
2012 අප්‍රේල් මස 09 වැනි දින මීගමුව තලාදුවේදී 15 හැවිරිදි බාලවයස්‌කාර තම පෙම්වතියට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධි චෝදනා ලබා තිබුණා.
Share This Article