දියණියගේ ද සහය ඇතිව තම සැමියා අමානුෂිකව ඝාතනය කර පලා ගිය කත, වසර 18කට පසු කොටුවෙයි
Monday, 02 March 2020 - 9:54 | Views - 7,686
දෙදහස්දෙක වසරේ මැයි මස අටවැනි දින ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී තම දියණිය සහ තවත් මිතුරකුගේ සහය ඇතිව තම සැමියා පහරදී මරාදමා සිරුර පුලුස්සා පැන ගිය බෙවර්ලි ඈන් මැක්කැලම් නැමැති සැකකාරිය, වසර දහඅටකට පසුව පෙබරවාරි මස පහළොස්වැනි දින රෝමයේදී පොලිස් අත්අඩංගුවට පත්වූවා ය.
 
දැනට ඇගේ වයස අවුරුදු පනස්නවයකි.

ඝාතනය සඳහා සහභාගි වූ අනෙකුත් දෙදෙන අපරාධය අනාවරණයවී දින කීපයක් තුළ පොලිස් අත්අඩංගුවට පත්වුවද, බෙවර්ලි ඈන් නීතියෙන් පැන යාමට සමත්වූවාය.
 
එහෙත් ඇමෙරිකානු අපරාධ විමර්ෂණ ආයතනය බෙවර්ලි ඈන් සෙවීම අතහැර නැත.
 
ඒ අනුව 2015 වසරේදී ඇය වෙනුවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත්කිරීමට ද ඇමෙරිකානු පොලීසිය සමත්විය.
 
සැමියා ඝාතනයෙන් පසුව පකිස්ථානයට පැන ගිය බෙවර්ලි ඈන් එහිදී ව්‍යාජ අනන්‍යතාවකින් පෙනී සිටිමින් වෙනත් විවාහයක් ද කරගෙන ඇත.
 
ත්‍රස්ත මර්දනය සඳහා පසුගිය වසරේ ඉතාලිය නීතිගත කරන ලද පනතට අනුව සංචාරක හෝටල්වල ලැගුම්ගන්නා විදේශික පුරවැසියන් සම්බන්ධ කෙරෙන පොලිස් සෝදිසියකදී ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පෙනී සිටි සංචාරක කාන්තාවක පිළිබඳව සැක කළ ඉතාලි පොලීසිය, ඇය පිළිබඳව කරන ලද වැඩිදුර පරීක්ෂණයේදී ඇය බෙවර්ලි ඈන් මැක්කැලම් බව අනාවරණය වී ඇත.
 
දැනට ඉතාලි රක්ෂිත බන්ධනාගාරගතව සිටින බෙවර්ලි ඈන් මැක්කැලම්, ඉදිරි දිනවලදී ඇමෙරිකානු අපරාධ විමර්ෂණ ආයතනය වෙත භාරදීමට නියමිතය.
 
චාපි කෝසලා
ලංකාදීප


ඝාතන චෝදනා ලැබූ බෙවර්ලි ඈන් පහතින්..
Beverly McCallum was arrested in Rome on Thursday over the 2002 death of her husband Robert Caraballo in western Michigan. U.S. authorities had been trying to extradite McCallum from Pakistan where fled and later married another man (pictured above in an undated photo)
Robert Caraballoගේ සිරුර 2002 වසරේ මැයි මාසයේදී පුළුස්සා දැමූ පා පුටුවක තිබී හමු වූ අතර ඔහුගේ ශරීරය දරුණු ලෙස පිළිස්සි තිබුණා. (පහත සේයාරුවේ සිටින්නේ Robert Caraballo ය.)
Robert Caraballo's body was found in a footlocker dumped and burned in a blueberry patch in western Michigan in May 2002 just days after his death. His remains were so badly burnt that he went unidentified until 2015
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top