කොරෝනා මරණ 3,000 ඉක්මවයි
Monday, 02 March 2020 - 9:38 | Views - 2,839
ඉතාලියේ සිට පැමිණෙන මගීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද සිට විශේෂ පරීක්ෂාවකට ලක් කර දින 14ක පසු විපරමකට ලක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඊයේ පස්වරුවේ කොරියාවේ සිට මගීන් 256ක් රැගත් කොරියන් ගුවන් සේවයට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර, එහි කිසිවෙකුට උණ රෝග ලක්ෂණ නොතිබූ බවයි ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

එමෙන්ම, චීනයේ ෂැංහයි සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයක් පැමිණ ඇති අතර එහි සිටි මගීන් එකසිය තිස් දෙදෙනෙකු විශේෂ පර්යන්තය හරහා ගුවන් තොටුපළේදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඔවුන් අතර ද කිසිදු රෝගියෙකු නොසිටි බවයි ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, අදාළ ගුවන් මගීන්ගෙන් ලබා ගන්නා තොරතුරු පත්‍රිකා මත පදනම්ව ඔවුන් සම්බන්ධයෙන් දින 14ක පසු විපරමක් සිදුකරන බව ගුවන් තොටුපළේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ලොව පුරා රටවල් 65ක පමණ පැතිර ඇති කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 3,050 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 88,588 කට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top