හලාවත කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ
Monday, 02 March 2020 - 9:29 | Views - 1,110
හලාවත - කුමාරකට්ටුව ප්‍රදේශයේ නිවසකදී අභිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
සිය මව පිළිබඳව තොරතුරක් නොමැති නිසා ඊයේ රාත්‍රියේ ඇයගේ පුත්‍රයා නිවසට පැමිණ ඒ පිළිබඳව සොයාබලන අවස්ථාවේදියි මෙලෙස ඇය නිවසේ කාමරයක් තුළ වැටී සිටින ආකාරය දැක ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
63 හැවිරිදි මෙම කාන්තාවගේ දියණිය විදේශයක රැකියාවක නිරතවන අතර පුත්‍රයා විවාහවී වෙනම ජීවත්වන බවයි පොලීසිය සඳහන් කළේ.
එම කාන්තාව ඝාතනය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.
Share This Article