කණ්ඩායම් හැඟීමෙන් සාර්ථක ගමනක් යන්න සූදානම්
Monday, 02 March 2020 - 9:13 | Views - 506
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරඟාවලිය ඊයේ (01) අවසන් වුණේ තරඟාවලියේ ජය තරඟ තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගනිමින්.
දෙරට අතර ඊයේ පැවති අවසන් එක්දින තරඟය ලකුණු 06කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවසන් තරඟයේ තරඟයේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ මෙම තරඟාවලිය පිතිකරුවෙක් ලෙස තමන් අසාර්ථක වූ තරඟාවලියක් බවයි.
කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් කණ්ඩයම් හැඟීමෙන් ක්‍රීඩා කරන බවත් ඉදිරියටත් කණ්ඩායමක් ලෙස සාර්ථක ගමනක් යෑමට බලාපොරොත්තු වන බව එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
Share This Article