මංගල ගමන යන අතරතුර වෛද්‍ය යුවළක් මහ පාර මැද අනතුරට ලක්වූ තරුණයෙකුට පිහිට වූ හැටි
Monday, 02 March 2020 - 8:17 | Views - 1,601
ජොනතන් සහ සාරා කියන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙක්. ඇත්තටම මේ දෙන්නා ආදරවන්තයෝ..
 
පසුගිය දවසක ජොනතන් සහ සාරා ඔවුන්ගේ ජීවිතේ ලස්සනම දවස වුණු විවාහ මංගල්‍යය වෙනුවෙන්, එය පැවැත්වෙන හෝටලයට ගමන් කරමින් හිටියා.

මේ කාලය තායිලන්තයේ සංචාරකයින් එහේ මෙහේ දුවන කාලයක්. ඉතින් මේ කාර්යබහුල ක්‍රාබි කියන නගරය මැදින් යද්දි වෛද්‍යවරුන් දෙදෙනාට නොසිතූ අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණා.
 
කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටුණු අනතුරක් මේ දෙන්නාම අහම්බෙන් දකිනවා.
 
යතුරුපැදිකරුවා ඒ වෙනකොටත් බරපතල තුවාල සහිතව බිම වැතිර හිඳීම මේ වෛද්‍යවරුන්ට බලා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. විවාහය මොහොතකට අමතක කළ යුවළ මංගල ඇඳුම් සහිතව තුවාලකරු ළඟට දිව එනවා.
 
ඒ වන විටත් තුවාල සහිතව ජීවිතේ අත් හරින්න සුදානමින් බිම වැතිරිලා හිටපු 21 හැවිරිදි ඒ තරුණයාට දෙවියන් වේශයෙන් ආපු මේ වෛද්‍යවරු පිහිට වෙනවා. ගිලන් රථයක් පැමිණෙන තුරු තරුණයාව ස්ථාවරව තියා ගන්න ඔවුන් උපරිමයෙන් කැප වෙනවා.
 
සාරා සිය මංගල ඇඳුමින්ම තරුණයාගේ පාදයේ තුවාලවලට ප්‍රතිකාර කරනු දැකීම කාගේත් විමතියට හේතු වුණා.
 
මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළත් සීඝ්‍රයෙන් පැතිර තිබුණේ වෛද්‍ය යුවළට සුභාශිංසන ද එක් කරමින්.
 
එහි ඡායාරූප පහතින් බලන්න..




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top