සේවය අවසන් කර නිවසට යමින් සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් දඹුලු ඔයෙන් හමුවෙයි
Sunday, 01 March 2020 - 18:36 | Views - 309
ගල්කිරියාගම පොලිසියේ සේවයේ නිරතව සිටි නිලධාරියෙකුගේ මල සිරුරක් දඹුලු ඔයේ තිබී සොයාගෙන තිබෙනවා.
52 හැවිරිදි මෙම නිලධාරියා ඊයේ රාත්රී සිය සේවය නිමකර මඩාටුගම ප්රදේශයේ පිහිටි නිවස බලා පිටත්ව ගොස් ඇත්තේ සිය යතුරුපැදියෙන්. එහිදී ඔහු අනතුරට ලක්වන්නට ඇති බවයි සැක කෙරෙන්නේ. ඔහු ගමන් කළ යතුරුපැදිය ද සිරුර අසලම තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන අතර එම ස්ථානයට වන අලියෙකු කඩා වැදීම හේතුවෙන් වනජීවී නිලධාරීන් පැමිණ අලියා පළවාහැර තිබෙනවා.
මෙම පොලිස් නිලධාරියාගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මහේස්ත්රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
Share This Article