අද මැදියම් රැයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට
Sunday, 01 March 2020 - 11:42 | Views - 434
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රි 12 න් පසු වත්මන් ආණ්ඩුවේ කාලසීමාව අවුරුදු හතරහමාර ඉක්මවීම හේතුවෙන් එය විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට හිමිවනවා.

ඒ අනුව හෙට දිනයේ හෝ ආසන්න දිනකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

2015 වසරේ අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසු පිහිටුවා ගනු ලැබූ වත්මන් පාර්ලිමේන්තුව එම වසරේම සැප්තැම්බර් 01 වැනිදා මුල්වරට රැස්වුණා.

ඒ අනුව 08 වැනි පාර්ලිමේන්තුව කාලසීමාව වසර හතරහමාරක් ඉක්මවීමත් සමඟ අද මධ්‍යම රාත්‍රියෙන් පසු විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට හිමිවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ප්‍රකාශ කළේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති අතර, ඒ හේතුවෙන් කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද පසුගියදා සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊයේ පස්වරුවේ වැලිගම ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී සඳහන් කළේ ඉදිරි පැය 24 හෝ 48 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top